ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර අතර විශේෂ හමුවක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. 49 දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි උප ජනාධිපතිවරයාව, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.​මෙම සංචාරය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණු කරගත් එකක් වන අතර, එහිදී රාජ්‍ය නායකයන් දෙපළ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් මෙන්ම කලාපීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.​සංචාරයේ දෙවන දිනය වන හෙට (20) උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතයි. එහිදී ඉන්දීය ආධාර යටතේ ඉදිකරන නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කරන ඔහු, මලෛයගම් ප්‍රජාව සමඟ සුහද කතාබහක නිරත වීමට ද සැලසුම් කර තිබෙනවා. සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව හෙට පස්වරුවේ ඔහු සිය සංචාරය නිමා කරමින් පිටත්ව යාමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,103

Leave A Reply

Your email address will not be published. Required fields are marked *