ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට සැපත්වූහ. ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් පැමිණි මෙම පිරිසට එරට ඉහළ පෙළේ නිලධාරීන් 49 දෙනෙකු ඇතුළත් වන අතර, මෙම සංචාරය දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කර ඇත.කටුනායක ගුවන් තොටුපොළේදී ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ. ඉදිරි දින දෙක පුරා පැවැත්වෙන මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වැදගත් සාකච්ඡා කිහිපයකට ඉන්දීය දූත පිරිස එක්වීමට නියමිතව තිබේ.
























