ලොව ප්‍රමුඛතම ගුවන් සේවයක් වන එමිරේට්ස් ආයතනය, මෑතකාලීන බාධාවන්ගෙන් අනතුරුව සිය ගෝලීය ගමනාන්ත ජාලයෙන් 96%ක්ම යළි සක්‍රීය කිරීමට සමත්ව ඇත. මේ වන විට රටවල් 72ක ගමනාන්ත 137ක් කරා සතියකට ගුවන් වාර 1,300කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, එය අර්බුදයට පෙර පැවති ධාරිතාවයෙන් 75%ක ප්‍රමාණයකි. සීමා පනවා තිබූ කාලසීමාව තුළ පවා මිලියන 4.7ක මගීන් පිරිසක් ප්‍රවාහනය කරමින් ඩුබායි නගරය ලෝකයේ ප්‍රධානතම ගුවන් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.පාරිභෝගික පහසුව වෙනුවෙන් එමිරේට්ස් ආයතනය විසින් විශේෂ වරප්‍රසාද රැසක් හඳුන්වා දී ඇත. ඒ යටතේ ගුවන් ගමන් දින කිසිදු අමතර ගාස්තුවකින් තොරව වෙනස් කිරීමේ හැකියාව (Flexible bookings) සහ පැය 6 සිට 26 දක්වා ඩුබායි හි රැඳී සිටීමට සිදුවන මගීන් වෙනුවෙන් “Dubai Connect” වැඩසටහන හරහා නොමිලේ හෝටල් නවාතැන්, ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ඇත. මීට අමතරව Skywards සාමාජිකයන් සඳහා ද විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවන බව එම සමාගම නිවේදනය කරයි.ශ්‍රී ලංකාවට ද විශේෂ අවධානයක් යොමු කරමින්, කොළඹ සහ ඩුබායි අතර දිනකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් කටයුතු කර ඇත. ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව සහ ඈත පෙරදිග ඇතුළු කලාප රැසක් කරා සිය සේවාවන් යළි ව්‍යාප්ත කිරීම හරහා ජාත්‍යන්තර සංචාරකයින්ට වඩාත් විශ්වසනීය ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි. පූර්ණ මෙහෙයුම් ධාරිතාවට ළඟා වීම හරහා ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය යළිත් තහවුරු කිරීමට එමිරේට්ස් සමාගම සමත්ව සිටියි.

























