කතරගම කිරිවෙහෙර නා හිමිගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන්ගේ පියාණන් වන වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤෝ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා වයස අවුරුදු 93ක ආයු වළඳා තිබූ අතර, උන්වහන්සේගේ පවුලේ සාමාජිකයන්ට සහ ප්‍රදේශවාසීන්ට මෙය බලවත් ශෝකජනක පුවතක් වී තිබේ.​අභාවප්‍රාප්ත වූ මාටින් සිංඤෝ මහතාගේ දේහය වරකාගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අගෝස්තු මස 15 වැනි සෙනසුරාදා දින පස්වරු 2.00 ට වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,283

Leave A Reply

Your email address will not be published. Required fields are marked *