කල්පිටියේදී ගර්භනී කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ

කල්පිටිය, පාළකුඩාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයට ලක්වීමෙන් 26 හැදී වියේ පසු වූ ගර්භනී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.​පසුගිය දින (03) පස්වරුවේ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සැකකරු ලෙස 36 හැදී වියේ පසුවන ඇයගේ සැමියා බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,367

Leave A Reply

Your email address will not be published. Required fields are marked *