කහව වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනෙක් අවියත් සමග අම්බලන්ගොඩදී අසු වෙයි

අම්බලන්ගොඩ, කහව හන්දිය ප්‍රදේශයේදී මෑතකදී යතුරුපැදියකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීමේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන අළුත්වල සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම දෙදෙනා, වෙඩික්කරු සහ යතුරුපැදි පැදිකරු ලෙස ක්‍රියා කළ අය බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අපරාධය සඳහා භාවිතා කරන ලද පිස්තෝල අවියක්, ජීව පතරොම් 10 ක්, යතුරුපැදියක් සහ ආරක්ෂිත හිස්වැසුම් දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *