කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා සීමා වී ඇති කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ මූලික කටයුතු සඳහා රජයේ නිල අනුමැතිය හිමිව තිබේ. මෙම ඓතිහාසික දුම්රිය මාර්ගය යළි සක්‍රීය කරමින් රත්නපුර දක්වා ඉදිකිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමේ වගකීම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුව පවරා ඇත. මගී ජනතාවගේ පහසුව සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය සඳහා වන යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.මෙම ව්‍යාපෘතියේ උපදේශන සේවා සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසුකරුවන් අට දෙනෙකු සිය අභිලාෂයන් ඉදිරිපත් කළ අතර, ඉන් සුදුසුකම් ලැබූ ආයතන හතරක තාක්ෂණික සහ මූල්‍ය යෝජනා දැඩි විමර්ශනයකට ලක් විය. ඒ අනුව, සියලු ඇගයීම්වලින් අනතුරුව ‘M/s. Resources Development Consultants (Pvt) Ltd’ ආයතනය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත. බදු රහිතව රුපියල් මිලියන 356.22 ක පිරිවැයකින් සිදුකෙරෙන මෙම අධ්‍යයනය මගින් මාර්ගයේ ප්‍රායෝගික සැලසුම් සහ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා පදනම සකස් කෙරෙනු ඇත.2025 වසරේ අගභාගයේදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, සබරගමුව සහ බස්නාහිර පළාත් යා කරන ප්‍රධාන ප්‍රවාහන මර්මස්ථානයක් ලෙස කැලණිවැලි මාර්ගය යළි ස්ථාපිත කිරීමේ වැදගත් පියවරකි. උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ ආයතනය වෙත ව්‍යාපෘතිය පිරිනැමීම හරහා, දීර්ඝ කාලයක සිට රත්නපුර වැසියන්ගේ බලාපොරොත්තුවක්ව පැවති මෙම දුම්රිය මාර්ග දීර්ඝ කිරීමේ කටයුතු දැන් නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

























