විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර කුඩු සලිඳු’ සහ ‘හිරණ රංගික’ යන අයගේ ප්‍රධාන අනුගාමිකයකු විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිරණ පොලිස් වසමට අයත් කුඩා අරුක්ගොඩ ප්‍රදේශයේදී මෙම විශේෂ වැටලීම සිදු කර ඇත.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 428 යි මිලිග්‍රෑම් 130 ක ප්‍රමාණයක්, මත්ද්‍රව්‍ය ජාවාරමට භාවිතා කළ ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ යතුරුපැදියක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.අත්අඩංගුවටගත් සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිරණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.



























