ජනපති ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී ජන රැලි දෙකක්

​’අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ මැයෙන් සංවිධානය කර ඇති විශේෂ ජන රැලි මාලාව යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජන රැලි දෙකක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.​මෙම ජන රැලි මාලාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පළමු ජන රැලිය අද පස්වරු 2.00 ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී ආරම්භ වීමට නියමිතය.​අනතුරුව දෙවන ජන රැලිය එදින පස්වරු 4.00 ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *