වීසා බලපත්‍ර නොමැතිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.විවිධ රැකියා සඳහා ගොස් අනුමත සේවා ස්ථානවලින් ඉවත් වී වෙනත් රැකියාවල නිරත වීම නිසා මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබුණි. අද අලුයම 3.10ට කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ (J9-551) යානයෙන් දිවයිනට ළඟා වූ ඔවුන්ට ගම්බිම් බලා යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ මූල්‍ය ආධාර ලබා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.



























