හැටන් – බොගවන්තලාව මාර්ගයේ නායයෑමක්

හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ දික්ඔය, වනරාජ වතුයාය අසලින් හැටන් – බොගවන්තලාව – මස්කෙළිය – බලංගොඩ මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.​අද උදෑසන 11.00 පමණ සිදුවූ මෙම නායයෑමෙන් පසු මාර්ගයේ අවහිරතා ඉවත් කිරීම සඳහා හැටන් පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කටයුතු කරමින් සිටී. ඊට අමතරව, ඉක්මනින් සුන්බුන් ඉවත් කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ යොදවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇති අතර, ඉදිරියටත් නායයෑමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගය භාවිතා කරන රියැදුරන්ට දැඩි විමසිලිමත් වන ලෙස පොලිසිය අවවාද කරයි.

What's your reaction?

Related Posts

1 of 1,340

Leave A Reply

Your email address will not be published. Required fields are marked *