කෘත්‍රිම ආහාර නිසා බඩවැල් ආශ්‍රිත රෝග වැඩි වෙයි

නවීන සමාජය තුළ කෘත්‍රිම ආහාර පරිභෝජනයට ජනතාව දැක්වෙන දැඩි නැඹුරුතාව හේතුවෙන් බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ආමාශ ආන්ත්‍රික අක්මා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග අනාවරණය කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර, දිනෙන් දින වැඩිවන මෙවැනි සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා අපගේ දෛනික ආහාර රටාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,283

Leave A Reply

Your email address will not be published. Required fields are marked *