කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හැරෙයි

දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත කැඳවනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පසු ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.​ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවා නීතිවිරෝධී ලෙස සේවකයින් 06 දෙනෙකු අනුයුක්ත කර ගැනීමෙන් රුපියල් මිලියන 14කට අධික මූල්‍ය පාඩුවක් සිදුකිරීම මෙම චෝදනාවල ප්‍රධාන අංගයකි. මීට අමතරව, කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියේ පිහිටි ඓතිහාසික සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට බලපෑම් කිරීමේ චෝදනාවද හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබේ.​මෙම සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අදාළ නීතිමය කටයුතු ඉදිරියට ගෙනයාමට අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,291

Leave A Reply

Your email address will not be published. Required fields are marked *