අල්ලස් ලබා ගැනීමට ගිය සයින්දමරුදු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් කොමිසමට කොටු වෙති

හෙරොයින් ළඟ තබා ගැනීමේ සැකකරුවෙකුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ලිහිල් කිරීම සඳහා රුපියල් විසිදහසක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ සයින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් මිලිග්‍රෑම් 70ක් සමඟ අල්ලාගත් සැකකරුට එරෙහිව බී වාර්තාවක් ඉදිරිපත් නොකර විධිමත් චෝදනා පත්‍රයක් මඟින් පමණක් නඩු පැවරීමට එකඟ වීම වෙනුවෙන්, එවකට වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා මෙම අල්ලස ඉල්ලා තිබේ.​අදාළ මුදල නඩු කටයුතු අවසන් වීමෙන් පසු ලබාදීමට එකඟ වී ඇති අතර, වැඩබලන ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එම අල්ලස් මුදල එකතු කිරීමට ගිය අනෙක් පොලිස් නිලධාරියා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මුදල් සමඟ අල්ලාගෙන ඇත. එම නිලධාරියාගෙන් අනාවරණය වූ තොරතුරු මත පදනම්ව වැඩබලන ස්ථානාධිපතිවරයාද මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට පරීක්ෂකයින් සමත්ව තිබේ.​මේ අතර, වෙනත් වෙනම සිදු කළ වැටලීමකදී අහුංගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204කට අධික තොගයක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,290

Leave A Reply

Your email address will not be published. Required fields are marked *