කොස්ලන්ද වැල්ලවාය ප්රධාන මාර්ගයේ උඩුමුල්ල ප්රදේශයේදී ඊයේ (08) රාත්රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබේ. වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම කොස්ලන්ද රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ලන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, හල්දුම්මුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විසින් ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.


























