දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරියේදී වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් වාර්තා වීමට ඉඩ ඇත.​මීට අමතරව, ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් කාලගුණ තත්වය පස්වරු 2.00 න් පසු වෙනස් විය හැක. එම ප්‍රදේශවල දහවල් කාලයෙන් පසු ඇතැම් ස්ථාන වෙත වැසි හෝ ගිගුරුම් සහිත වැසි පතිත වීමේ හැකියාවක් පවතී.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් ජනතාවට දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,322

Leave A Reply

Your email address will not be published. Required fields are marked *