ගල්කිස්ස නිවාස සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමට අයත් නිවාස සංකීර්ණයක සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.​මෙම මෙහෙයුමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක්, හැෂිස් ග්‍රෑම් 32ක්, හෙරොයින් ග්‍රෑම් 4ක්, මත්පෙති 20ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 108,400ක මුදලක් නිලධාරීන් විසින් භාරයට ගෙන ඇත.​අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් එක් අයෙකු පසුගිය අගෝස්තු 04 වන දින දෙහිවල, නෙදිමල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් වන බව පොලිසිය පවසයි. සැකකරුවන් සහ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *