හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (13) රාත්‍රී 9.40ට තරග බිමට පිවිසීමට නියමිතය. ලොව පුරා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 11 වැනි දා ආරම්භ වූ මෙම ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදට යෙදී තිබේ.ඔලිම්පික්, ලෝක ශූරතා සහ ඩයමන්ඩ් ලීග් වැනි දැවැන්ත තරගාවලිවල ජයග්‍රහණ අත්කරගත් ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයන්ට පමණක් මෙහි අවස්ථාව හිමිවේ. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් තරග වැදෙන මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ රුමේෂ් තරංග මෙරට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අපේක්ෂා මධ්‍යයේ ක්‍රීඩා කරයි.මෙම වසර තුළ මීටර් 92.62ක විශිෂ්ට දක්ෂතාවක් වාර්තා කරමින් ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවට හිමිකම් කියීමට ඔහු සමත්ව ඇත. ලෝක අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස සැලකෙන ඔහුගේ මෙම දක්ෂතාව හේතුවෙන් අද පැවැත්වෙන තරගය පිළිබඳව ක්‍රීඩාලෝලීන් අතර විශාල උද්යෝගයක් නිර්මාණය වී තිබේ.


























