ගාලු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ඉන්දියානු කණ්ඩායම ලකුණු 460ක් රැස් කරයි

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට ඉන්දියානු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 460ක් ලබා සිටියේය. සංචාරක ඉන්දීය ඉනිම වෙනුවෙන් අනගි සස්ථානගත වීමක් සිදුකළ දේවදත් පඩික්කල් විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ලකුණු 167ක් රැස් කළ අතර, නොදැවී ලකුණු 131ක් ලබා සිටියදී දෙවන දිනය ආරම්භ කළ ඔහු සිය ලකුණු සංඛ්‍යාව එලෙස ඉහළ නංවා ගත්තේය. මීට අමතරව කේ.එල්. රාහුල් ලකුණු 82ක් සහ ධෘව් ජුරෙල් ලකුණු 51ක් රැස් කරමින් ශක්තිමත් පළමු ඉනිම් ලකුණු සංඛ්‍යාවක් ගොඩනැඟීමට දායක වූහ.​දිනේ දෙවන භාගය තුළ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට යළි පිවිසීමට සමත් වූ අතර, එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 109කට කඩුලු 4ක් බිඳහෙළීය. මීට අමතරව කඩුලු මල්ලට එක් වූ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ ප්‍රථම අවස්ථාව වන කේශර නුවන් ප්‍රභාත්ට අනගි සහයක් දෙමින් ලකුණු 175කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. දෙවන දිනය අවසන් වන විට කුල්දීප් යාදව් නොදැවී ලකුණු 12ක් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 1ක් ලබා කඩුල්ලේ රැඳී සිටිමින්, ඉන්දීය ඉනිම අවසන් වීමට තවත් එක් කඩුල්ලක් පමණක් ඉතිරි කර තිබේ.​මේ අතර, වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ දෙවන දිනයට ද බාධා එල්ල වූ අතර, පෙරවරුවේ ක්‍රීඩාව තරමක් ප්‍රමාද වීමෙන් අනතුරුව යළි ගාලු පිටියේදී තරගය ආරම්භ කිරීමට පියවර ගැනිණි.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *