සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන නවතම ඉදිකිරීම් ද්‍රව්‍ය මූල්‍ය වංචාවක්

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිමෙන්ති සහ ඇස්බැස්ටෝස් වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳපොළට වඩා අඩු මිලට ලබා දෙන බව පවසමින් සිදුකරනු ලබන නවතම අන්තර්ජාල මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිසිය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම ජාවාරම්කරුවන් අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් ලබා ගැනීමෙන් අනතුරුව, අදාළ භාණ්ඩ තදබල ලෙස වංචනික ක්‍රමයකට පාරිභෝගිකයාගේ ප්‍රදේශයේ පිහිටි සැබෑ ද්‍රව්‍ය අලෙවිකරුවකු මඟින් අදාළ ලිපිනයට ගෙන්වා ගනු ලබයි.​භාණ්ඩ ලැබුණු වහාම වංචාකරුවන් පාරිභෝගිකයාට කතා කර තම පුද්ගලික බැංකු ගිණුමකට මුදල් බැර කරවා ගන්නා අතර, භාණ්ඩ රැගෙන පැමිණි සැබෑ රියදුරු හෝ ව්‍යාපාරිකයා තමන්ට මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී පාරිභෝගිකයා තමන් මෙම රැවටීමට හසුවී ඇති බව පසුව වටහා ගනී. මේ වන විටත් මෙවැනි වංචා සම්බන්ධයෙන් පොලිසියට නිල වශයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන් වේ.​එම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලය හරහා මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී මහජනතාව ඉතා දැඩි සැලකිල්ලකින් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය තරයේ ඉල්ලා සිටියි. තවදුරටත් මෙවැනි වංචාවලට හසු නොවී සිටීමට අදාළ අලෙවිකරුවන්ගේ විශ්වසනීයත්වය පිළිබඳව පෙර සෝදිසියක නිරත වීම අත්‍යවශ්‍ය වේ.

What's your reaction?

Related Posts

1 of 1,288

Leave A Reply

Your email address will not be published. Required fields are marked *