ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය ලබන මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය ආශ්රිත භූමියක් ක්‍රිෂ් සමාගම වෙත කඩිනමින් ලබාදීමට සහාය වීම වෙනුවෙන්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාදුන් බවට ඇය මත චෝදනා එල්ල වී ඇත.



























