තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සිහාක් ෆුවැන්ග්කෙට්කියෝ මහතා අස්ගිරි මහා විහාරයේ පැවති රාජකීය කඨින චීවර පූජෝත්සවයට සහභාගී විය. තායිලන්ත රජයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම පින්කම අස්ගිරි මහා විහාරීය ශ්‍රී බුද්ධරක්ඛිත අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා රාජකීය කඨින චීවරය පූජා කරන ලදී. අනුනායක හිමියන් ඇතුළු අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලා මෙන්ම, අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, තායිලන්ත තානාපති පෙයිටෝන් මහාපෝර්න් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



























