ජුනි මස ‘අස්වැසුම’ දීමනා අද සිට ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ජුනි මාසයට අදාළ දීමනා අද (18) දින සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. ආර්ථික අසීරුතා මධ්‍යයේ ජීවත් වන පවුල් රැසකට මෙම දීමනාව ලැබීම විශාල සහනයක් වනු ඇත.​මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ තෝරාගත් පවුල් 1,373,248ක් සඳහා රුපියල් කෝටි 1,090කට අධික මුදලක් මේ අනුව බෙදා හැරීමට නියමිතය. අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත කෙළින්ම බැර කිරීම මගින් ඔවුන්ට එම සහන පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

What's your reaction?

Related Posts

1 of 1,194

Leave A Reply

Your email address will not be published. Required fields are marked *