ඩුබායි සිට පිටුවහල් කළ “කොණ්ඩ රංජි” කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට දිවයිනට පිටුවහල් කරන ලද “කොණ්ඩ රංජි” නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංජිත් කුමාර අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන 7.50 ට පමණ දිවයිනට ළඟා වූ මොහු ගුවන්තොටුපළේදීම සී.අයි.ඩී. නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, පසුගිය ජනවාරි 9 වැනි දින ඉතාලියට පලා යාමට උත්සාහ කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ සමඟ රඳවාගෙන සිටි ඔහුගේ බිරිඳ සහ දරුවන් පසුව මුදාහැර තිබූ අතර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය ඇතුළු බරපතල අපරාධ රැසකට මොහු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.​ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන මොහුගේ මූලික විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඔහුගේ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,322

Leave A Reply

Your email address will not be published. Required fields are marked *