‘රටම එකට’ මෙහෙයුමෙන් 706ක් අත්අඩංගුවේ

දිවයින පුරා අපරාධ සහ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමේ අරමුණින් දියත් කර ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ කොටසක් ලෙස, පසුගිය 17 වන දින පොලීසිය විසින් වැටලීම් 708ක් සිදු කර තිබේ. මෙම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් 706 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.​අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 11 දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, තවත් පුද්ගලයින් 4 දෙනෙකු පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. මීට අමතරව, අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතු නීති විරෝධී වත්කම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,242

Leave A Reply

Your email address will not be published. Required fields are marked *