විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හෙට (14) සිට දින තුනක නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය. තායිලන්ත කම්කරු අමාත්‍යවරයා විසින් කරන ලද විශේෂ ආරාධනාවකට අනුව මෙම සංචාරය ක්‍රියාත්මක වේ.මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා, එරට කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා මුණගැසී නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. එහිදී දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි පුළුල් අවධානයක් යොමු කෙරෙනු ඇත.විශේෂයෙන්ම සංචාරක හා විදේශ රැකියා අවස්ථා, ශ්‍රමික සංචලතාව මෙන්ම ආර්ථික සහයෝගීතාව පුළුල් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ හරහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන යාමට අපේක්ෂිතය.


























