තැපැල් සේවය ඩිජිටල්කරණයට සහ සංවර්ධනයට රජයෙන් රුපියල් මිලියන 1,200ක්

දිවයිනේ තැපැල් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය. තැපැල් සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළේ කුලියාපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.​රුපියල් මිලියන 29ක වියදමින් ඉදිකෙරෙන කුලියාපිටිය නව තැපැල් කාර්යාලයේ වැඩකටයුතු ඉදිරි මාස දෙක ඇතුළත අවසන් කිරීමට නියමිතය. මෙම සමාරම්භක අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩී. සූරියබණ්ඩාර සහ තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,434

Leave A Reply

Your email address will not be published. Required fields are marked *