ශ්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව නිල ඇඳුමක්

වර්තමාන ශතවර්ෂයට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන අයුරින් ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් නිර්මාණය කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. අරලගංවිල පොලිස් විද්‍යාලයේ අද (22) පැවති විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.​ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව නීති ප්‍රඥප්ති මගින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට පොලිසියට වඩාත් ශක්තිමත් පරිසරයක් නිර්මාණය වන බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, සිදුකළ පරීක්ෂණවලට අනුව රියදුරන්ගෙන් සියයට 20ත් 30ත් අතර පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන බවට හඳුනාගෙන ඇති බවත්, අපරාධවලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට කිසිදු විශේෂ සැලකිල්ලක් නොදක්වා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,434

Leave A Reply

Your email address will not be published. Required fields are marked *