දිවයිනේ ඩෙංගු රෝගීන් 33,500 පනී

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,572ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගය හේතුවෙන් පුද්ගල මරණ 19ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පෙන්වා දෙන්නේ පසුගිය මැයි මාසය තුළ පමණක් රෝගීන් 8,321 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවයි. මේ වන විට කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ.​දැනට පවතින තත්ත්වය අනුව දිවයින පුරා ඉහළ ඩෙංගු අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 72ක් හඳුනාගෙන තිබේ. සමස්ත රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් 50%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඊට අමතරව දකුණු පළාතෙන් 16%ක් සහ සබරගමුව පළාතෙන් 9%ක් වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.​විශේෂ අවධානයට: වර්ෂාපතනයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින්, තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,169

Leave A Reply

Your email address will not be published. Required fields are marked *