දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ද ඉදිරියේදී වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.කාලගුණ වාර්තාවලට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය ඉහළ යා හැකියි. එමෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ද විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.මේ අතර, ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.























