වීරකැටිය පොලිස් වසමේ කුඹුක්මුල්ල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්පැන් බෝතල් 90කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝඩා බැරල් 7ක් සමඟ සැකකරුවෙක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 67යි මිලි ලීටර් 500ක් සහ මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 1160ක් සොයාගෙන ඇත.හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වීරකැටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන අඛණ්ඩව සිදු කරනු ලබයි.



























