දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ සහ මහනුවර යන ප්‍රදේශවලින් මෙනින්ජයිටීස් (Meningitis) රෝගීන් 203 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. මොළයට සහ සුෂුම්නාවට බලපාන මෙම බරපතළ ආසාදන තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් විශේෂ අවධානයක් යොමු කර තිබේ. රෝගය පැතිරීමට බලපෑ මූලික හේතු සහ එහි ප්‍රභවයන් සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පුළුල් විද්‍යාත්මක විමර්ශන දැනටමත් ආරම්භ කර ඇත.පවතින දේශගුණික විපර්යාස සහ පරිසරයේ වෙනස්වීම් හමුවේ මෙවැනි බෝවන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතියද, මේ පිළිබඳව මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. පවතින සෞඛ්‍ය පහසුකම් සහ ක්ෂණික වෛද්‍ය මැදිහත්වීම් උපයෝගී කරගනිමින් රෝගී තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ උපරිම පියවර ගනිමින් සිටී. එබැවින් වසංගත රෝග කලින් හඳුනාගෙන මර්දනය කිරීමේ ජාතික පද්ධතිය හරහා කලාපීය සෞඛ්‍ය ව්‍යුහයන් වඩාත් සක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා පෞද්ගලික සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන නිල උපදෙස් නිවැරදිව අනුගමනය කරන ලෙසත් විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති. තවද, රෝග ලක්ෂණ කිසිවක් මතු වුවහොත් ප්‍රමාද නොවී වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් සිදුවිය හැකි අවදානම අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.



























