සමාජ මාධ්‍ය සටහනකට සෞදි අරාබියේදී මරණ දණ්ඩනය ලැබූ ශ්‍රී ලාංකිකයාට සහය පළ කිරීමට දේශපාලනඥයන් පෙරමුණට

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකීක තරුණයා වන අනෝජ් සිවරසාගේ නිවසට ගිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔහුගේ මව සහ පවුලේ පිරිස මුණගැසී සිය සහයෝගය පළ කර තිබේ. මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආගමික සංවිධාන එකතු කරගනිමින් ජනාධිපතිවරයාගෙන් සහ සෞදි රජුගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.​මේ අතර, වරදක් වූ විගස සමාව අයැද සිටි අවස්ථාවක එවැනි දඬුවමක් ලබාදීම අසාධාරණ බව පවසමින් හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි ද පෙන්වා දී ඇත්තේ, මේ සඳහා කඩිනම් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *