දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මෙම කලාපවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇද හැලීමේ හැකියාවක් පවතින අතර, ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයෙන් පසු තැනින් තැන වැසි වර්ධනය විය හැක.​කාලගුණයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුළගේ වේගයද ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇතිවිය හැකියි.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන ප්‍රචණ්ඩ සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු බහුල විය හැකි බැවින්, ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානම සහ පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,160

Leave A Reply

Your email address will not be published. Required fields are marked *