දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්

උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි දිනවලදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේදී මෙම තත්ත්වය දැඩිව බලපෑ හැකි අතර, අද (10) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (11) දින දක්වා වලංගු වේ.​මෙම උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකි සෑම විටම සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් බලධාරීහු ජනතාවට උපදෙස් දෙති. විශේෂයෙන්ම වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, කුඩා දරුවන් කිසිවිටෙකත් වාහන තුළ තනිකර දමා යාමෙන් වළකින ලෙස දැඩිව ඉල්ලා සිටී.​මීට අමතරව, අධික වෙහෙසකාරී දෛනික කටයුතු සීමා කර ගැනීම සහ සිරුරට සුවපහසු සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම මඟින් මෙම උණුසුම් දේශගුණයෙන් සිරුරට සිදුවන බලපෑම අවම කර ගත හැක. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල වැසියන්ට සිහිපත් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,325

Leave A Reply

Your email address will not be published. Required fields are marked *