හෙට (අගෝස්තු 21) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශකය ඉහළ මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මෙම තත්ත්වය අපේක්ෂා කෙරේ.අද (අගෝස්තු 20) පස්වරුවේ නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල දිවා කාලයේදී පවතින උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් හා සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙස බලධාරීන් දන්වා සිටියි.



























