මහනුවර පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට එරෙහිව දැඩි නීති

මහනුවර ඇසළ පෙරහරේ ගමන් කරන අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළ අතර, සතුන් බිය ගැන්විය හැකි අයුරින් අධික ශබ්ද නළා භාවිත කිරීම මෙන්ම එවැනි උපකරණ පෙරහර මාර්ගයට රැගෙන ඒමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.​පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා පදික වේදිකාව වෙන් කර ඇති බැවින්, එයට බාධා වන අයුරින් ආසන සකස් කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැත. සතර මහා දෙවිවරුන් සහ දළදා වහන්සේ උදෙසා පවත්වන මෙම පූජෝපහාරය සැණකෙළියක් ලෙස නොසලකන ලෙස ඉල්ලා සිටින පොලිසිය, පෙරහර ගමන් කරන අවස්ථාවලදී ඔල්වරසන් දීමෙන් හා විසිල් ගැසීමෙන් වැළකී සිටින ලෙසද ජනතාවට දන්වා සිටියි.​පසුගිය වසරවල ඇතැම් පිරිස් සංචාරක මඟපෙන්වන්නන් ලෙස පෙනී සිටිමින් විදේශිකයන්ගෙන් ආසන ලබාදෙන මුවාවෙන් මුදල් අය කළ බවට වාර්තා වී ඇති බැවින්, මෙවර සංචාරක පොලීසිය ශක්තිමත් කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,294

Leave A Reply

Your email address will not be published. Required fields are marked *