දෙණියාය, කොටපොල ප්‍රදේශයේ පාසල් දරුවන් අතර මෑතකදී ව්‍යාප්ත වූ උණ රෝගී තත්ත්වය ‘වෛරස් මෙනින්ජයිටිස්’ (Viral Meningitis) බවට සෞඛ්‍ය අංශ නිල වශයෙන් තහවුරු කර ඇත. පසුගිය මාසය තුළ මෙම රෝගය වැළඳුණු පුද්ගලයින් 47 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් බහුතරයක් වයස අවුරුදු 14-15 අතර පසුවන සිසුන් බව හඳුනාගෙන තිබේ. තද හිසරදය, උණ සහ වමනය රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස පෙන්නුම් කළ අතර, ආසාදිතයින් දෙණියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා මේ වන විට සුවය ලබා ඇත.වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කරන පරිදි, රෝගය පැතිරීමට ප්‍රධානතම හේතුව ලෙස සැක කෙරෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර පරිභෝජනයයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට උණු කර නිවාගත් ජලය පමණක් පානය කරන ලෙසත්, ආහාර පාන පිළියෙළ කිරීමේදී උපරිම පිරිසිදුකම පවත්වා ගන්නා ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිකුත් කර ඇත. වෛරසය ව්‍යාප්ත වූ මූලාශ්‍ර පිළිබඳව අංශ පරීක්ෂණ පවත්වමින් සිටියි.රෝගය ව්‍යාප්ත වීම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති බැවින් ප්‍රදේශවාසීන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. කෙසේ වෙතත්, යම් අයෙකුට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ මතු වන්නේ නම්, ප්‍රමාද නොවී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. වසංගත තත්ත්වය තවදුරටත් මර්දනය කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා නිරන්තර අධීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

























