දෙවුන්දරට දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ 7ක් අත්අඩංගුවට

දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් හත්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් තිබූ යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස සහ අදාළ යාත්‍රාව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ විමර්ශන සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව වාර්තා වේ.​මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *