නව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින දුර්වලතා සහ අඩුපාඩු මගහරවා ගැනීම අරමුණු කරගනිමින්, නව “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මෙම නව නීති රාමුව සකස් කිරීම සඳහා මීට පෙර තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබූ අතර, ඔවුන්ගේ නිර්දේශ පදනම් කරගනිමින් පසුගිය අගෝස්තු 10 වන දින පැවති කැබිනට් රැස්වීමේදී මේ සඳහා ප්‍රතිපත්තිමය එකඟතාව ලැබුණි.​නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ අනුමැතිය සහ නිෂ්කාශනය ද ලැබී අවසන්ය. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,290

Leave A Reply

Your email address will not be published. Required fields are marked *