නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු නඩුව මැයි 29 වනදා දක්වා කල් යයි

ඉන්දියානු ක්‍රිෂ් (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන මැයි මස 29 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (23) තීරණය කළේය. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් අදාළ මුදල් ලබා ගත් බවට නීතිපතිවරයා විසින් පවරනු ලැබූ මෙම නඩුව, කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ අද දින විභාගයට ගැනුණි.​නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, කරුණු සලකා බැලූ විනිසුරුවරිය වැඩිදුර විභාගය මැයි මස අග භාගය දක්වා කල් තැබීමට නියෝග කළාය. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ මෙම මූල්‍ය වංචා චෝදනාව දේශපාලන හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වන අතර, ඉදිරි නඩු වාරයේදී මේ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,109

Leave A Reply

Your email address will not be published. Required fields are marked *