ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම විසින් මන්ත්‍රීවරයා අද (04) උදෑසන කැඳවා තිබුණි. ඒ අනුව, ලිඛිතව දැනුම් දීමක් කර තිබූ බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


























