නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයට රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා අද (22) සිට පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් භාර දෙන ලදී.​1992 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා නාවික හමුදාවට එක්වූ ඔහු, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. සිය සේවා කාලය තුළ දකුණු නාවික විධානයේ ආඥාපති ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති ඔහු, නව ධුරයට අමතරව උතුරු නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී ලෙස ද කටයුතු කරනු ඇත.​මානුෂීය මෙහෙයුමේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම සහ රණශූර ඇතුළු පදක්කම් රැසකින් රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා පිදුම් ලබා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,434

Leave A Reply

Your email address will not be published. Required fields are marked *