2026/27 ශීත ඍතු කාලසටහන ආරම්භ වීමත් සමඟ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විදෙස් ගුවන් මෙහෙයුම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශීත ඍතු සංචාරක සමය ඉලක්ක කරගනිමින් මේ වන විට ජාත්‍යන්තර ගුවන් සේවා හතරක් මත්තල වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර ඇත.ඒ අනුව රුසියාවේ AZUR Air ගුවන් සේවය දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, උස්බෙකිස්තානයේ Centrum Air සහ කසකස්තානයේ SCAT Airlines සතියකට ගමන් වාර දෙක බැගින් සිදු කරයි. ඊට අමතරව බෙලරුසියාවේ Belavia ගුවන් සේවය ද සතියකට එක් ගුවන් ගමන් වාරයක් මෙහෙයවීම මෙරට සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වී තිබේ.



























