නිරිතදිග ප්‍රදේශවලට වැසි සහ තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.​ඉන්දියාවේ නැගෙනහිර වෙරළ හරහා ගමන් කරන ගැඹුරු පීඩන අවපාතයක බලපෑම හේතුවෙන් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය වර්ධනය වී ඇත. බංග්ලාදේශ බොක්කේ බස්නාහිර-මධ්‍යම සහ යාබද වයඹදිග මුහුදු ප්‍රදේශයේ පැවති මෙම ගැඹුරු පීඩන අවපාතය, මේ වන විට ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කරමින් පවතී.​මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *