පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ ගමන් කළ වාහන මඟින් රුපියල් මිලියන 124 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.එම දින දෙක ඇතුළත අධිවේගී මාර්ග භාවිතා කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව 325,316ක් ලෙස සටහන් වී ඇති අතර, ඉන් වැඩිම වාහන ප්‍රමාණයක් සහ ආදායමක් වාර්තා වී ඇත්තේ අදාළ දින දෙක තුළය.ඒ අනුව, අගෝස්තු 26 වැනි දින වාහන 163,763ක් ධාවනය කරමින් රුපියල් 60,409,995ක ආදායමක් ලබා තිබෙන අතර, 27 වැනි දින වාහන 161,553ක් මඟින් රුපියල් 64,164,930ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.



























