ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල පදනම මත සකස් කර ඉදිරිපත් කර ඇති බවයි.එමෙන්ම, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔහු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.



























