කිරිපිටි සහ යෝගට් මිල ඉහළ දැමූ බවට පැතිර යන පුවත් අසත්‍යයි – පාරිභෝගික අධිකාරිය

කිරිපිටි, කල්කිරි සහ යෝගට් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ නංවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. වර්තමානයේ ‘බ්‍රේකින් නිව්ස්’ ලෙස පළවන එම පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව බලධාරීන් අවධාරණය කර සිටී.​තහවුරු නොකළ මෙවැනි අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා තවදුරටත් හුවමාරු කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එමඟින් වෙළඳපොළ තුළ අනවශ්‍ය කලබලකාරී තත්ත්වයක් මෙන්ම පාරිභෝගිකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.​වෙළඳපොළ තුළ යම් අක්‍රමිකතාවක් හෝ සැක සහිත මිල වෙනස් වීමක් නිරීක්ෂණය වේ නම්, ඒ පිළිබඳව වහාම 1977 යන පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස ජනතාවට වැඩිදුරටත් දන්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *