මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම පාලනය සහ විනිමය අනුපාත තීරණය කිරීම යනු ගැඹුරු තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන සංකීර්ණ කරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. මෙම කරුණු සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් ජනතාව නොමග යැවිය හැකි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.එබැවින්, මෙවැනි විෂයනුබද්ධ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ගේ අදහස් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිල තොරතුරු නොවන මෙවැනි අසත්‍ය හෝ නොමග යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටී කටයුතු කරන ලෙසත්, ආර්ථික කටයුතු පිළිබඳ විශ්වාසවන්ත මූලාශ්‍ර වෙත පමණක් අවධානය යොමු කරන ලෙසත් මහ බැංකුව සිය නිවේදනය මගින් නැවත සිහිපත් කරයි.



























