එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට තරගාවලියේ පූර්ණ පරාජයක්

එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවති තෙවන සහ අවසන් විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයක් ලබා ගැනීමට එංගලන්තය සමත්විය.​කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 9.4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන්ම ජයග්‍රහණය සපුරා ගත්තේය.​ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු යැවීම සහ පිතිකරණය හේතුවෙන් අවසන් කඩුලු කිහිපයක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණි. කණ්ඩායමේ මෙම අන්ත අසමර්ථ ක්‍රීඩා විලාසය හේතුවෙන් ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයන්ට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,356

Leave A Reply

Your email address will not be published. Required fields are marked *